ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී කාන්ති ගුණතුංග දිවි ගමනට සමුදෙයි

සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 86 හැවිරිදි වියේ පසු වුණා.

නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි කාන්ති ගුණතුංග මහත්මිය මියගොස් ඇත්තේ.

සුරංගනී චිත්‍රපටය හරහා රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සූරසේන, සූරයා, සංදේශය, වනමෝහිනී, චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී තිබෙනවා.

1960 වසරේ දී විවාහ දිවියට එළඹුණු ප්‍රවීණ රංගන ශිල්පිණිය විදෙස්ගත වූ අතර අනතුරුව සිනමාවෙන් ද ඉවත් වී සිටියා.

පසුව ශ්‍රී ලංකාවට පැමිණි කාන්ති ගුණතුංග සැලමුතු පින්න චිත්‍රපටයට තුළිනුයි යළිත් රංගනයට එක් වූයේ.

ඇය ටෙලිනාට්‍ය ගණනාවකටද රංගනයෙන් දායක වී ඇති අතර පූජා හා විශ්ව ගමන ඒ අතුරින් සුවිශේෂ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක, අපෙන් අහගන්න එපා - ඔයාගේ තාත්තා ගැන කියන්නද..?
03:49
Video thumbnail
රනිල්ගේ ප්‍රකාශයට හර්ශන රිදෙන්නම දෙයි - 2048 ගෙවන්න බැරි මනුස්සයා 2028ක් ගැන කියන්න ඕනි නෑ
01:42
Video thumbnail
රනිල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ
09:23
Video thumbnail
"මම කොහොමත් බන්ධනාගාර නිරීක්ෂණය කරනවා"බන්ධනාගාර නිරීක්ෂණයට ගිහින් අධිකරණ ඇමති කිව්ව දේ
03:17
Video thumbnail
මොකද්ද මෙච්චර තදියම - උද්දච්ච වෙන්න එපා
09:29
Video thumbnail
මාස 3න් 3ට අපි වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
10:19
Video thumbnail
බස්නාහිරට විශේෂ ජල සම්පාදන මෙහෙයුමක් - ජලය අපතේයාම වළක්වන්නත් කටයුතු කරනවා
05:16
Video thumbnail
රනිල් කළේ කුරීරු ප්‍රකාශයක් - අපි සැලෙන්නේ නෑ
02:30
Video thumbnail
සජිත්ගේ කතාවට ලක්මාලිගෙන් උත්තරයක්
10:40
Video thumbnail
පාරිභෝගිකසේවා අධිකාරිය වහලා දාන්න ඕනි..වෙළෙඳ ඇමති ඉන්නේ කිරිපිටිකාරයා යටතේද ?
05:20