ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්

කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරගයකුයි හරාරේහිදී මෙලෙස පැවැත්වුණේ.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබාදුන්නා.

ඒ අනුව පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළා.

ජොන්සන් චාල්ස් ලකුණු 39යි. Keacy Carty ලකුණු 87ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 2ක් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්සංක ලකුණු 104යි. එය ඔහුගේ 3 වන එක්දින ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

තම 11 වන එක්දින අර්ධ ශතකය ලබා ගත් දිමුත් කරුණාරත්න දැවී යන විට ලකුණු 83ක් ලබා සිටියා. කුසල් මෙන්ඩිස් නොදැවී 34ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 17ක් ලබාගත්තා.

මෙම තරගයේ වීරයා සම්මානය මහීෂ් තීක්ෂණයට හිමිවුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා හරාරේහිදී පැවැත්වෙන්නේ නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39