spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්

කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරගයකුයි හරාරේහිදී මෙලෙස පැවැත්වුණේ.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබාදුන්නා.

ඒ අනුව පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළා.

ජොන්සන් චාල්ස් ලකුණු 39යි. Keacy Carty ලකුණු 87ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 2ක් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්සංක ලකුණු 104යි. එය ඔහුගේ 3 වන එක්දින ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

තම 11 වන එක්දින අර්ධ ශතකය ලබා ගත් දිමුත් කරුණාරත්න දැවී යන විට ලකුණු 83ක් ලබා සිටියා. කුසල් මෙන්ඩිස් නොදැවී 34ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 17ක් ලබාගත්තා.

මෙම තරගයේ වීරයා සම්මානය මහීෂ් තීක්ෂණයට හිමිවුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා හරාරේහිදී පැවැත්වෙන්නේ නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
11
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?