ප්‍රාදේශීය සභා ලේකම්ගේ රාජකාරියට බාධා කළ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය කැබ් රථයෙන් ප්‍රාදේශීය සභාව වෙත පැමිණෙමින් සිටියදී පාපැදියක් මඟ හරස්කර අවහිර කළ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරයෙක්.

ඊයේ (5) ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය සහ තාක්ෂණ නිලධාරීවරයා කැබ් රථයෙන් පැමිණෙමින් සිටියදී සැකකාර මන්ත්‍රීවරයා විල්පත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ වෙළඳසැල ඉදිරිපිට දී කැබ් රථයට ඉදිරියට යාමට නොහැකි ලෙස පාපැදියක් අවහිර කර තිබූ බව සඳහන්.

එහිදී සැකකාර මන්ත්‍රීවරයා විසින් ඔවුන් අමතා ප්‍රකාශ කර ඇත්තේ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය තාක්ෂණ නිලධාරියාට පැද විය නොහැකි බවත් එම කැබ් රථය ලේකම්තුමිය සහ තාක්ෂණික නිලධාරියා අව භාවිත කර ඇති බවයි.

එලෙස චෝදනා කරමින් පාපැදිය හරස් කර රාජකාරියට බාධා කළ බව පවසමින් එදිනම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ පෙරවරු 9 සිට සවස 4.30 දක්වා ප්‍රාදේශීය සභාවේ සේවක සේවිකාවන් විසින්  රාජකාරියට වාර්තා කර සේවයෙන් වැළකී සාමකාමී වැඩ වර්ජනයක ද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12