ලන්දේසින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි ශ්‍රී ලංකාවට

වසර 200කට පමණ පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානී සමයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළිත් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

දේශීය සහ විදේශීය පර්යේෂකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද පර්යේෂණයකිනුයි මෙම කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකාවට අයත් බවට තහවුරු වී ඇත්තේ.

නෙදර්ලන්ත කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිම කළ පිහියක් මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවට අයත්ව තිබු බවට සැලකෙන කාල තුවක්කු දෙකක් මෙලෙස මහනුවර රාජධානී සමයට අයත් වූ ඒවා බවට හෙළිවී තිබෙනවා.

වසර 1765 දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගොස් ඇති බවට ද තහවුරු වී තිබෙනවා.

පර්යේෂණයෙන් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙසට බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක නෙදර්ලන්තයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව එරට බලධාරීන් සිදු කළ සාකච්ඡාවකින් පසු තීරණය කර ඇත්තේ ඒවා නැවත ශ්‍රී ලංකාවට භාරදිය යුතු බවටයි.

එය අද ගැසට් නිවේදනයක් මගින් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Netharland1
Netharland2
Netharland3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12