තායි රාජා හස්තියා දැකබලා ගැනීමට තායිලන්ත තානාපතිතුමන් සුදුහුම්පොල රජමහා විහාරයට

ශ්‍රී දළදා මාලිගාවට තායිලන්තයේන් ලබාදුන් ‘තායි රාජා’ හස්තියා අතුරුදන් වී ඇති බව මෙරට විවිධ මාධ්‍ය තුලින් ප්‍රචාරණය වුණා.

කෙසේ වෙතත් තායි රාජා හස්තියා දැකබලා ගැනීම සඳහා තායිලන්ත තානාපතිතුමන් ඇතුලු පිරිසක් සුදුහුම්පොල රජමහා විහාරයට අද (06) පැමිණියා.

එහිදි අදහස් දක්වමින් ගරු දියවඩන නිළමේතුමා පැවසුවේ තායි රාජා පිළිබද සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන වැරදි අර්ථකථන තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම තායි රාජා හෝ එරටින් ලබා දුන් අලි අතුන් තායිලන්තයට රැගෙන නොයෙන බව තායිලන්ත තානාපතිතුමන් පැවසු බවද දියවඩන නිළමේතුමන් පැවසීය. එමෙන්ම එතුමා පැවසුවේ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට දියුණු තාක්ෂණයක් නොමැති බවත් බවයි.