ඉන්දීය සංචාරක සමුළුව අද කොළඹ දී

ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සංගමය වසර 18 කට පසු සිය සමුළුවක් ශ්‍රී ලංකාවේ පවත්වයි.

අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භවේ.

අද සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතයින් 700කට අධික පිරිසක් සහභාගී වෙති.

මෙම සමුළුව සංගමයේ 67වැනි වාර්ෂික සමුළුවය. ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සමුළුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අස්ථාවර බව නිසා එය කල් දැමීමට සිදුවිය. මෙම සමුළුවේදී කළාපයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ගැන අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම වසරේ දී ඉන්දීය ප්‍රමුඛ පෙලේ සංචාරක ආයතන ශ්‍රී ලංකාවට සංචාරකයින් දෙගුණයක් රැගෙන එනු ඇතැයි මෙරට සංචාරක ආයතන බලාපොරොත්තුවේ. මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක මෙහෙයුම් සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අනුග්‍රහය දක්වයි.

සමුළුවට ජනපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු සහභාගී වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !