කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගිය පුවතක් වාර්තා වනවා.
මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ අගේ ඇසේ ඇතිවූ අසාත්මික තාවයක් හේතුවෙන් ඇය යළි පෙරේදා (4) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පවසා තිබේ.එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට ඊයේ (5) දින ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.
පවුලේ ඥාතීහු පවසන්නේ එසේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මියගොස් ඇති බවයි.
ශල්‍ය කර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇතැයි පවුලේ ඥාතීන් සැක පලකරයි



