රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට

යාපනය,පලෙයි ප්‍රදේශයේදී ඊයේ(05) සවස සිදුවු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කැබ් රථයක් පාපැදික ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් පාපැදියේ ගමන්ගත් 13 හැවිරිදි පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

යාපනය,මුල්ලෙඅඩි ප්‍රදේශයේ පදිංචි රාජපාස්කරන් යකුසිකන් නමැති දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසූහ.

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
6
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !