රූපලාවන්‍යාගාර වසා දැමීමට නියෝග

කාන්තාවන් සඳහා තලෙයිබාන් පාලනය විසින් පැනවූ නවතම කොන්දේසිය ලෙස ඇෆ්ගනිස්ථානයේ සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට තලෙයිබාන් පාලනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

මේ සදහා රූපලාවන්‍යාගාර හිමියන් සඳහා ජුලි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් ලබාදී තිබෙනවා.

එරට තලෙයිබාන් පාලනය ආරම්භ වීමත් සමග කාන්තා නිදහස සීමා විය.

ඔවුන් සඳහා විවිධ කොන්දේසි පැනවීම ද සිදුවිය. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය පැවති 1996 – 2001 කාලය තුළ ද රූපලාවන්‍යාගාර විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවූ අතර 2001 වසරෙන් පසුව ඒවා ක්‍රමයෙන් යළි විවෘත විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?