විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ තීරණය ලිඛිතව අධිකරණයට දැනුම්දෙයි

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනුයි මේ බව තහවුරු කරමින් මෝසමක් අධිකරණය හමුවේ කරුණු ගොනු කළේ.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63 දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට සේවා කාලය දීර්ඝ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මගින් සඳහන් කර තිබෙනවා.

මෙහිදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම දැනුම් දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි.

මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකලොත් ගැටලුවක් මතුවිය හැකි නිසා පෙත්සම යළි කැඳවීමට දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි තවත් ජනාධිපති නීතිඥවරෙකු වන රොමේෂ් ද සිල්වා මහතා මහතා ඉල්ලා සිටියා .

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැදවන ලෙසත් නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25