ජෙරොම් ප්‍රනාන්දු ගැන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ගොනු කළ රිට් පෙත්සම අද සලකා බැලීම සඳහා කැදවනු ලැබූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මූලික විරෝධතා මතු කරමින් ඉල්ලා සිටියේ අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසටයි.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා කියාසිටියේ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කිරීම මෙන්ම අධිකරණය නොමග යවන කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

මාධ්‍ය වාර්තා පදනම් කරගෙන තමාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඔහු සම්පූර්ණයෙන්ම පදනම් වී සිටින්නේ මාධ්‍ය වාර්තා මතයි. පෙත්සම්කරු මෙම ඉල්ලීම ඇතුළත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුනත් එම කරුණ මෙම පෙත්සමේ වසන් කර තිබෙන බවත් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජේෂ්ඨ රජයේ නීතිඥ වරයා මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් ප්‍රකාශ කළා.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුගේ ද්වේශ සහගත ක්‍රියා කලාපය අනාවරණය වන බවත් එබැවින් එය විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අතරමැදි ඉල්ලීමක් ඉදිරිපත් කල පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක හිමිවරු ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තම සේවාදායක හිමිවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ බවයි.

එය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ විමර්ශනයක් සිදුකරන බව දැනුම් දී තිබු බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එම කරුණු මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු වසන් කර ඇතැයි චෝදනා කල ජනාධිපති නීතිඥවරයා මෙය අධිකරණ බලය අයුතු ලෙස පරිහරණය කිරීමට ගත් උත්සාහයක් ලෙසටයි සඳහන් කළේ.

එබැවින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 19 වනදා දක්වා කල් තැබුණු අතර එදින පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26