ඇස් දෙකට රැකවරණය දෙන්න

“මම ඔයාව මගේ ඇස් දෙක වගේ රැක බලාගන්නවා” බලන්න ආදරය දෝරේ ගලන හදවතකින් කරපු ඒ වදන් පෙළ දිහා….

මේකේ යටි අර්ථය තමයි මම ඔයාට පූර්ණ රැකවරණය සලසනවා කියන එක. එහෙම නේද? ඒ ප්‍රකාශය කරපු තැනැත්තා එහෙම නම් පූර්ණ රැකවරණය මුලින්ම දෙන්න ඕන එයාගේ ඇස් දෙකට.

ඒ වගේ රැකවරණයක් තමයි එම තැනැත්තා ඒ ප්‍රකාශය කරපු කෙනාටත් දෙන්න ඕනේ.

අපේ ශරීරයේ තියෙන අවයව අතුරින් විශේෂම තැනක් හිමි වන්නේත් විශේෂම කාර්යභාරයක් අපිට ඉටු කරලා දෙන්නෙත් අපේ ඇස් දෙක.

තවත් කාරණයක් තමයි ඉස්සර වගේ නෙමේ අද කාලෙ. අපේ ඇස්වලින් අපි ඉස්සරට වැඩ වැඩ ගන්නවා මේ කාලෙ.

අද අපි ඉස්සරට වඩා කාර්ය බහුලයි. ඉස්සර ඇස් තත්පරෙන් තත්පරේ වගේ විවිධ තැන්වලට යොමු වුණා.

නමුත් අද අපේ ඇස් ඒ වගේ මොහොතින් මොහොත තැන් තැන්වලට දුවන්නේ නැහැ. ඒ තාක්ෂණයේ දියුණුවත් එක්ක.

පරිඝනකය, ජංගම දුරකථනය, විසි හතර පැය පුරාවටම ක්‍රියාත්මක රූපවාහිනි නාලිකා ඇතුළු නොයෙකුත් තාක්ෂණික මෙවලම් අපේ ඇස් දෙක එක තැනකට බැඳලා තියෙනවා. ඇස් නිතරම වෙහෙසට පත් කරනවා.

අනිත් කාරණය තමයි ගෝලීය විපර්යාස, ගෝලීය උණුසුම වාර්තා ගත අන්දමින් ඉහළ යාම. අධික උෂ්ණත්වය දැඩි අව් රස්නය අපේ ඇස් වලට ඉතාම අහිතකරයි. මේ කරුණු අපිට නොතේරුනාට සිදු කරන හානිය බොහොම බරපතලයි.

තවත් කරුණක් තමයි අපේ වයස. ඇස් පෙනීම දුර්වල වෙන්න අපේ වයසත් බලපානවා. ඇස් පෙනීම දුර්වල වුනාම ඒ කියන්නේ ඇස් දෙකෙන් හරීහැටි වැඩක් කරගන්න බැරුව ගියහම, කියවන දෙයක් හරිහැටි කියවගන්න අපහසු වුනාම, ගෙදර වැඩක් කුස්සියේ වැඩක් මහන දෙයක් කාර්යාල වැඩක් හරිහැටි කරගන්න බැරිව යනකොට අපි අන්ත අසරණ තත්වෙට ඇද වැටෙනවා.

එතකොට අපි මොකද්ද කරන්නේ? කන්නාඩි පාවිච්චි කරන්න කාලේ හරි වගේ කියල අපිටම හිතෙයි. අපි යනවා ඇස් චෙක් කරවගන්න. මෙන්න මෙතැනදී තමයි අපි අපේ මතු ජීවිතේටම බලපාන නිවැරදිම තීරණය ගන්න ඕනෙ. හොඳ විශ්වාසවන්තම තැනකින් ඇස් පරීක්ෂා කරවගන්න ඕනේ. ඒ අයගේ නිර්දේශ මත විතරයි අපි ඊළඟ පියවරට යන්න ඕනේ. හොඳ පෙනීමක් දෙන , ඇස්වලට හොඳ රැකවරණයක් දෙන ඇස් කන්නාඩි කුට්ටමක් සහතිකයකුත් එක්ක ගන්න එක තමයි අපි දැන් කරන්න ඕනේ.

හොදයි, දැන් අපි ඒ දේ කලා. දැන් අපි තවත් වැදගත්ම දෙයක් සිහියේ තබාගන්න ඕනේ. මොකද්ද ඒ ? අද කාලේ මිනිස් ජීවිත හරිම අවිනිශ්චිතයි. අද හිටිය හෙට ගැන විශ්වාසයක් නැති තරම්. එත් අපි තව අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න ආයුෂ ගෙනල්ලත් ඇති සමහර වෙලාවට. නමුත් අද අපි ගන්න අපේ ඇස් වලට දාන කන්නාඩි කුට්ටම අවුරු ගණන් පරණ වෙන්න දෙන්න බැහැ. ඒවා කලින් කලට මාරු කරන්න ඕනේ. නැත්නම් ආයෙත් අපේ ඇස් අපට අපහසුතා ඇති කරන්න පටන් ගනීවි.

ඉතින් මේ කරුණු ඔබ හොදින් හිතට අරන් නිවැරිදි පියවර පිළිපැද්දොත් අන්න එතකොට ඔබට මුළු හදවතින්ම කියන්න පුළුවන් තව වචනෙකුත් ඇඩ් කරලා “දිවි ඇතිතුරා ඔයාව මම මගේ ඇස් දෙක වගේ රැක බලාගන්නවා” කියලා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09