ඇස් දෙකට රැකවරණය දෙන්න

“මම ඔයාව මගේ ඇස් දෙක වගේ රැක බලාගන්නවා” බලන්න ආදරය දෝරේ ගලන හදවතකින් කරපු ඒ වදන් පෙළ දිහා….

මේකේ යටි අර්ථය තමයි මම ඔයාට පූර්ණ රැකවරණය සලසනවා කියන එක. එහෙම නේද? ඒ ප්‍රකාශය කරපු තැනැත්තා එහෙම නම් පූර්ණ රැකවරණය මුලින්ම දෙන්න ඕන එයාගේ ඇස් දෙකට.

ඒ වගේ රැකවරණයක් තමයි එම තැනැත්තා ඒ ප්‍රකාශය කරපු කෙනාටත් දෙන්න ඕනේ.

අපේ ශරීරයේ තියෙන අවයව අතුරින් විශේෂම තැනක් හිමි වන්නේත් විශේෂම කාර්යභාරයක් අපිට ඉටු කරලා දෙන්නෙත් අපේ ඇස් දෙක.

තවත් කාරණයක් තමයි ඉස්සර වගේ නෙමේ අද කාලෙ. අපේ ඇස්වලින් අපි ඉස්සරට වැඩ වැඩ ගන්නවා මේ කාලෙ.

අද අපි ඉස්සරට වඩා කාර්ය බහුලයි. ඉස්සර ඇස් තත්පරෙන් තත්පරේ වගේ විවිධ තැන්වලට යොමු වුණා.

නමුත් අද අපේ ඇස් ඒ වගේ මොහොතින් මොහොත තැන් තැන්වලට දුවන්නේ නැහැ. ඒ තාක්ෂණයේ දියුණුවත් එක්ක.

පරිඝනකය, ජංගම දුරකථනය, විසි හතර පැය පුරාවටම ක්‍රියාත්මක රූපවාහිනි නාලිකා ඇතුළු නොයෙකුත් තාක්ෂණික මෙවලම් අපේ ඇස් දෙක එක තැනකට බැඳලා තියෙනවා. ඇස් නිතරම වෙහෙසට පත් කරනවා.

අනිත් කාරණය තමයි ගෝලීය විපර්යාස, ගෝලීය උණුසුම වාර්තා ගත අන්දමින් ඉහළ යාම. අධික උෂ්ණත්වය දැඩි අව් රස්නය අපේ ඇස් වලට ඉතාම අහිතකරයි. මේ කරුණු අපිට නොතේරුනාට සිදු කරන හානිය බොහොම බරපතලයි.

තවත් කරුණක් තමයි අපේ වයස. ඇස් පෙනීම දුර්වල වෙන්න අපේ වයසත් බලපානවා. ඇස් පෙනීම දුර්වල වුනාම ඒ කියන්නේ ඇස් දෙකෙන් හරීහැටි වැඩක් කරගන්න බැරුව ගියහම, කියවන දෙයක් හරිහැටි කියවගන්න අපහසු වුනාම, ගෙදර වැඩක් කුස්සියේ වැඩක් මහන දෙයක් කාර්යාල වැඩක් හරිහැටි කරගන්න බැරිව යනකොට අපි අන්ත අසරණ තත්වෙට ඇද වැටෙනවා.

එතකොට අපි මොකද්ද කරන්නේ? කන්නාඩි පාවිච්චි කරන්න කාලේ හරි වගේ කියල අපිටම හිතෙයි. අපි යනවා ඇස් චෙක් කරවගන්න. මෙන්න මෙතැනදී තමයි අපි අපේ මතු ජීවිතේටම බලපාන නිවැරදිම තීරණය ගන්න ඕනෙ. හොඳ විශ්වාසවන්තම තැනකින් ඇස් පරීක්ෂා කරවගන්න ඕනේ. ඒ අයගේ නිර්දේශ මත විතරයි අපි ඊළඟ පියවරට යන්න ඕනේ. හොඳ පෙනීමක් දෙන , ඇස්වලට හොඳ රැකවරණයක් දෙන ඇස් කන්නාඩි කුට්ටමක් සහතිකයකුත් එක්ක ගන්න එක තමයි අපි දැන් කරන්න ඕනේ.

හොදයි, දැන් අපි ඒ දේ කලා. දැන් අපි තවත් වැදගත්ම දෙයක් සිහියේ තබාගන්න ඕනේ. මොකද්ද ඒ ? අද කාලේ මිනිස් ජීවිත හරිම අවිනිශ්චිතයි. අද හිටිය හෙට ගැන විශ්වාසයක් නැති තරම්. එත් අපි තව අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න ආයුෂ ගෙනල්ලත් ඇති සමහර වෙලාවට. නමුත් අද අපි ගන්න අපේ ඇස් වලට දාන කන්නාඩි කුට්ටම අවුරු ගණන් පරණ වෙන්න දෙන්න බැහැ. ඒවා කලින් කලට මාරු කරන්න ඕනේ. නැත්නම් ආයෙත් අපේ ඇස් අපට අපහසුතා ඇති කරන්න පටන් ගනීවි.

ඉතින් මේ කරුණු ඔබ හොදින් හිතට අරන් නිවැරිදි පියවර පිළිපැද්දොත් අන්න එතකොට ඔබට මුළු හදවතින්ම කියන්න පුළුවන් තව වචනෙකුත් ඇඩ් කරලා “දිවි ඇතිතුරා ඔයාව මම මගේ ඇස් දෙක වගේ රැක බලාගන්නවා” කියලා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?