බන්ධනාගාරයේ සිටින පුතාට මත්කුඩු ගෙනා අම්මා අත්අඩංගුවට

කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැදවියෙකුට මත්කුඩු ලබාදීමට රැගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතී පරීක්ෂා කිරීමේදී එහි වාටියේ කඩදාසියක බහා සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගෙන ඇති කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?