කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ මංගල ගමන ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව සිය පළමු ජාත්‍යන්තර ගමන සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව එළඹෙන 05 වනදා චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ලබන 05 වනදා එලෙස ගමන් අරඹන මෙම නෞකාව 07 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, නෞකාව පිළිගැනීමට විශේෂ උත්සවයක් ද සංවිධානය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට හම්බන්තොට, ත්‍රිකුණාමල සහ යාපනය වරායන් වෙත ලබන ජූනි මාසයේ සිට ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

කොර්ඩේලියා කෲස් නෞකා සේවය මෙතෙක් ඉන්දියාවේ අභ්‍යන්තර මගී ප්‍රවාහන නෞකා සේවයක් ලෙස ක්‍රියාත්මක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?