පරාජය වුණේ මම නෙමෙයි, ජනතාව – ජනක රත්නායක කියයි (වීඩියෝ)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් තමා ඉවත් කිරීම මහජනතාවට අත් වූ පරාජයක් බව හිටපු සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු ධුරයෙන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමිනුයි හිටපු සභාපතිවරයා මේබව කියාසිටියේ.

“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි.”

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ වැඩි ඡන්ද 46 කින්.

යෝජනාවට පක්‍ෂව මන්ත්‍රීවරුන් 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් ප්‍රකාශ කර තිබුණා.

යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, ඉන් අනතුරුවයි ඊට අදාළව ඡන්ද විමසීමක් සිදු කෙරුනේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායකට එරෙහිව පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර විදුලි බිල සංශෝධන සහ විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම් කිහිපයකින් පසුවයි ඔහුට එරෙහිව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුවේ.

https://www.youtube.com/watch?v=xLQ_GwbFydc&t=1s


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48