spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පරාජය වුණේ මම නෙමෙයි, ජනතාව – ජනක රත්නායක කියයි (වීඩියෝ)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් තමා ඉවත් කිරීම මහජනතාවට අත් වූ පරාජයක් බව හිටපු සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු ධුරයෙන් ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමිනුයි හිටපු සභාපතිවරයා මේබව කියාසිටියේ.

“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි.”

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ වැඩි ඡන්ද 46 කින්.

යෝජනාවට පක්‍ෂව මන්ත්‍රීවරුන් 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් ප්‍රකාශ කර තිබුණා.

යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, ඉන් අනතුරුවයි ඊට අදාළව ඡන්ද විමසීමක් සිදු කෙරුනේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායකට එරෙහිව පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර විදුලි බිල සංශෝධන සහ විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම් කිහිපයකින් පසුවයි ඔහුට එරෙහිව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුවේ.

https://www.youtube.com/watch?v=xLQ_GwbFydc&t=1s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?