ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යකට ශ්‍රී ලංකාව අනුබල ලබා දෙන්නේ නෑ – ජනපති රනිල් (ඡායාරූප)

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (10) පස්වරුවේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50 ක් පිරීම නිමිත්තෙන් රුපියල් 25ක් වටිනා සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

වසර 50ක කාලය තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට උත්සව හා ප්‍රදර්ශන අංශවලින් වැඩි ආදායමක් ලබාදුන් ආයතනවලට සමරු තිළිණ ලබාදීම ද සිදු කෙරුණු අතර ප්‍රදර්ශන අංශය වෙනුවෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයත්, උත්සව අංශය වෙනුවෙන් බ්‍රිටිස් කවුන්සිල් ආයතනයත් ජනාධිපතිවරයා අතින් සමරු තිළිණ ලබා ගත්හ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

නොබැඳි ප්‍රතිපත්තිය, පංචසීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකියි. එම පොදු කරුණු අදටත් වලංගු වෙනවා. මෙම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසියාවේ සමගිය සම්බන්ධයෙන් පෙන්වාදිය හැකි හොඳ උදාහරණයක් බව කිවයුතුයි.

මෙය අපට ලැබුණේ ත්‍යාගයක් ලෙසයි. ආසියාවේ පවතින සමගිය අප මෙලෙසින්ම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් මම කියන්න කැමතියි. ලෝක බල අරගලයේ දී අසමගියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණක් බවත් මෙහිදී සිහිපත් කළයුතුයි.

ලෝක බලවතුන් වීමේ අභිලාෂයෙන් ඇතැම් කණ්ඩායම් පැසිෆික් සාගරයේ රටවල් අතර සමගිය යටපත් කරමින් යුදමය තත්ත්වයකට ඇද දමා තිබෙනවා. එය ඉන්දියානු සාගරයට පැමිණීම වැළැක්වීමට අප එක්ව කටයුතු කළ යුතුයි. එමෙන්ම ආසියාවේ සමගිය බිඳ හෙලීමට කිසිදු අයුරකින් ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ද මම අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවේ හමුදාව අප්‍රිකානු කලාපයේ සහ වෙනත් රටවල රාජකාරියේ යොදවා තිබෙනවා. එම රටවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙන්ම මුහුදු මංකොල්ල කරුවන්ගෙන් එම රටවල් මුදවා ගැනීමට අපේ හමුදාව පුළුල් දායකත්වය සපයනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38