ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසමේ පක්ෂග්‍රාහී වාර්තාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

නව දිල්ලිය යළිත් අසාදු ලේඛනගත කිරීමටත් ඉන්දියාව පිළිබඳ වඩා හොඳ අවබෝධයක් වර්ධනය කර ගන්නා ලෙසත් යෝජනා කරමින්  ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසම විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයට අනුව එහි ප්‍රකාශක අරින්දම් බග්චි පැවසුවේ, ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසම ඉන්දියාව පිළිබඳ පක්ෂග්‍රාහී සහ පොළඹවනසුළු අදහස් දැක්වීම දිගින් දිගටම කරගෙන යන බවයි.

2023 වාර්ෂික වාර්තාවේ සඳහන් එවැනි සාවද්‍ය නිවේදන ප්‍රතික්ෂේප කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මෙවැනි ප්‍රයත්නයන්ගෙන් ඉවත් වී ඉන්දියාව, එහි විවිධත්වය , එහි ප්‍රජාතන්ත්‍රවාදී ආචාර ධර්ම සහ ව්‍යවස්ථාමය යාන්ත්‍රණයන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් වර්ධනය කර ගන්නා ලෙසයි ඔහු  ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසමෙන් ඉල්ලා සිටින්නේ.

ඔහු මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ ආගමික නිදහසට ඇති අයිතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඉන්දියානු රජයේ ආයතන සහ නිලධාරීන්ට ඉලක්කගත සම්බාධක පනවන ලෙස එක්සත් ජනපද කොමිසම බයිඩ්න්  පරිපාලනයෙන් ඉල්ලා සිටි පසුබිමකයි.

කොමිසමේ වාර්ෂික වාර්තාව මගින් රටවල් 17ක් විශේෂ සැලකිල්ලක් දක්වන රටවල් ලෙස නම් කිරීම සඳහා ද  රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.

ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දී  ඇත්තේ එම රජයන් ආගමික හෝ විශ්වාසයේ නිදහස ක්‍රමානුකූල, අඛණ්ඩව සහ දරුණු ලෙස උල්ලංඝනය කිරීම්වල නිරත වන බවටයි.

එම කොමිසම 2022 වසරේදී පිරිහෙන ආගමික නිදහස තත්ත්වයන් හේතුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව ද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු රටවල් අතරට එක් කිරීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57