ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

මෙල්බන් නුවර සිට කටුනායක දක්වා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තලට හරවා යැවීම පිළිබඳ එම ගුවන් සමාගමෙන් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ඊයේ (04) දින මෙල්බන් සිට කොළඹ බලා පියාසර කළ UL 605 දරන ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වූයේ කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා බවයි.

සිවිල් ගුවන් සේවා නීති රීති අනුව, එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තම රාජකාරී කාල සීමාවන් සම්පූර්ණ කර තිබූ බැවින් ගුවන් යානය තවදුරටත් මත්තල ගුවන් තොටුපළේ නවතා තැබීමට සිදු වූ බව ද එහි සඳහන්.

මෙම ගුවන් යානයේ මගීන් 294 දෙනෙක්, බිළිඳු දරුවන් 3 දෙනෙක්, සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 15 දෙනෙක් ගමන් කර තිබුණා.

මේ අතරින් ශ්‍රී ලංකාව වෙත පැමිණි මගීන්ට මත්තල සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලද අතර, වෙනත් රටවල් වෙත ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට, ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පිටත්ව යන තෙක් මත්තල අවට හෝටල්වල නවාතැන් පහසුකම් සලසා දුන් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමගම ප්‍රකාශ කළේ.

මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වීම හේතුවෙන් මගීන්ට ඇති වූ අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය නිවේදනය මගින් ප්‍රකාශ කළා.

වෙනත් රටවල් බලා පිටත් වීමට නියමිත ගුවන් මගීන්ට එම පහසුකම් සැලසීම සඳහා සමාගම මේ වනවිට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
8
+1
2
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44