අද (05) තැනින් තැන වැසි

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?