ගුවන් සමාගම් වෙත ආහාර පාන සැපයීම වෙනුවෙන් පළමුවරට ශ්‍රී ලන්කන් කේටරින් වෙත බලපත්‍රයක්

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ තුළ සහ ඒවායේ ගුවන් මෙහෙයුම්වල නිරත ගුවන් සමාගම් වෙත විශ්වසනීයව සහ සෞඛ්‍යාරක්ෂිතව ආහාරපාන සහ ඒ ආශ්‍රිත සේවා සැපයීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රමිතීන් සපුරා තිබීම හේතුවෙන්, ඒ සදහා අදාළ සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමුවරට (Catering Service Providers Licence ) ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගම වෙත පිරිනැමීම අද (28) පෙරවරුවේ පැවැත් වුණා.

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ඔවුන්ගේ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී මෙය සිදුකෙරුණු බවයිවාර්තා වුණේ.

මෙම බලපත්‍රය පිරිනැමීමේදී ශ්‍රී ලංකා කේටරින් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය, එහි වැඩපිළිවෙළ, සමාගම සතු භෞතික සම්පත්, නිසි පුහුණුව සුදුසුකම් සහ අත්දැකීම් සහිත කාර්යය මණ්ඩලය, ගුවන් යානා මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග, වෙනත් සේවා සැපයීම සදහා පවතින තාක්ෂණික සහ භෞතික හැකියාව වැනි කරුණු කෙරෙහි දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල වීරසේකර වෙත මෙම බලපත්‍රය ප්‍රදානය කිරීම සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ , ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සහ මෙම බලපත්‍රය ප්‍රදානය කිරීමට අදාළ විගනන කටයුතු කළ නිලධාරීන් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34