AFC Banner
Empty Ad
Empty Ad

තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (26) දින රාත්‍රියේ බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි 42 හැවිරිදි අයෙක්.

මියගිය අය හා තවත් අයකු මත්පැන් පානය කරමින් සිටියදී මෙම ආරවුල හටගෙන ඇති බවත් ඉන්පසු මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?