ඉන්දියාව කොන්දේසි සහිතව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා වූ ඇමරිකානු සමුළුව අනුමත කරයි

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුව ඉන්දියාව අනුමත කර තිබෙනවා.

ඒ, යුක්‍රේන යුද්ධය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ ප්‍රකාශනයේ ඇතුළත් කරුණු තුනක් සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් කරමින්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අදාළ ප්‍රකාශනයේ සඳහන් රුසියානු – යුක්‍රේන යුද්ධය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ අන්තර්ජාල පාලනය පිළිබඳ ඡේද සඳහා ඉන්දියාව සිය අනුමැතිය ලබා දී නොමැති බවයි.

යුක්‍රේන යුද්ධය සම්බන්ධ ඡේදය සඳහා ඉන්දියාවට මෙක්සිකෝවෙන් සහ ආර්මේනියාවෙන් සහාය ලැබී තිබුණු අතර අන්තර්ජාල පාලනය සම්බන්ධයෙන් වන ඡේදය සඳහා ඊශ්‍රායලයෙන් සහ පිලිපීනයෙන් ඉන්දියාවට සහාය ලැබී තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රකාශනයේ මෙම ඡේද බටහිර ගැති මතයක් දරන බවයි.

ඒ, අනුව ඉන්දියාව අවසන් ප්‍රකාශයේ ඡේද තුන සඳහා සිය අනුමැතිය ලබාදී නැහැ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුවට සහභාගී වෙමින් ප්‍රකාශ කර තිබුණේ  ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ මව ලෙස සැලකිය හැකි බවයි.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වැනි වගන්තියට අනුකූලව රාජ්‍යයන්ගේ තනි පුද්ගල හෝ සාමූහික ආත්මාරක්ෂාව පිළිබඳ නෛසර්ගික අයිතිය අපි පිළිගන්නවා. හැකි ඉක්මනින් විස්තීර්ණ, සාධාරණ සහ කල්පවත්නා සාමයක් කරා ළඟා වීමේ අවශ්‍යතාව අපි අවධාරණය කරනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට අනුකූලව යුක්රේනයට එරෙහිව රුසියානු සමූහාණ්ඩුවේ ආක්‍රමණයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් සහ මානුෂීය ප්‍රතිවිපාක අපි හෙළා දකිනවා, සිවිල් වැසියන්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමින් යුක්‍රේනය පුරා සිදුවන අඛණ්ඩ ප්‍රහාර සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන අතර අපි එය හෙළා දකිනවා” යැයි නරේන්ද්‍ර මෝදි එහිදී ප්‍රකාශ කළා.

“ගෝලීය ආහාර සුරක්ෂිතතාව, බලශක්තිය, න්‍යෂ්ටික ආරක්ෂාව සහ ආරක්ෂාව සහ පරිසරය කෙරෙහි යුද්ධයේ අහිතකර බලපෑම පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින්නේ. රුසියාව වහාම, සම්පුර්ණයෙන්ම සහ කොන්දේසි විරහිතව යුක්රේන භූමියෙන් එහි සියලුම හමුදා ඉවත් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා සහ එදිරිවාදිකම් නතර කරන ලෙසත් ඉල්ලා සිටිනවා.සන්නද්ධ ගැටුමේදී ඊට අදාළ පාර්ශ්වයන් ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු ජාත්‍යන්තර නීතිය යටතේ ඔවුන්ගේ බැඳීම්වලට අනුකූල වන ලෙසත් අපි ඉල්ලා සිටිනවා .යුද සිරකරුවන් සම්පූර්ණයෙන් හුවමාරු කර ගැනීම, නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින සියලුම පුද්ගලයින් නිදහස් කිරීම සහ ළමුන් ඇතුළු බලහත්කාරයෙන් පිටුවහල් කරන ලද සියලුම සිරකරුවන් සහ සිවිල් වැසියන් ආපසු ලබා දෙන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් සුදුසු, සාධාරණ සහ ස්වාධීන පරීක්ෂණ සහ නඩු පැවරීම් හරහා සහ සියලුම වින්දිතයින්ට යුක්තිය සහතික කිරීමට සහ අනාගත අපරාධ වැළැක්වීම සඳහාත් යුක්‍රේන භූමියේ සිදු කරන ලද ජාත්‍යන්තර නීතිය යටතේ සිදුවන බරපතලම අපරාධ සඳහා වගවීමටත් අපි දැඩි ලෙස සහාය දෙන්න සූදානම්.”යැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රුසියානු-යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාව පවත්වාගෙන යන්නේ මධ්‍යස්ථ ස්ථාවරයක්.

ගැටලුව සම්බන්ධයෙන් සංවාදයකට එළඹෙන ලෙස ද ඉන්දියාව දෙපාර්ශ්වයෙන් ඉල්ලීම් කර තිබුණා.

ප්‍රකාශනයට ඇතුළත් අන්තර්ජාල පාලනය පිළිබඳ ඡේදය ද ඉන්දියාව අනුමත කර තිබුණේ  නැහැ.

ඒ, සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳ ශක්තිමත් ආරක්ෂාවක් සක්‍රීය කිරීම ඇතුළුව, ඊටත් වඩා ශක්තිමත් ආරක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කරමින් තාක්‍ෂණ සමාගම් වගකීමෙන් හැසිරීමේ අවශ්‍යතාව ඉන්දියාව අවධාරණය කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08