පෙබරවාරි මාසයේදී විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම්වල වර්ධනයක්

මෙම වසරේ පෙබරවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව වැඩිදියුණු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද වාර්තා කර තිබෙනවා.

2022 වසරේ පෙබරවාරි මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 205ට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 407ක් වාර්තා වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

පෙබරවාරි මාසය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 23,974ක් ලෙස සටහන් වී තිබෙනවා. විදේශ රැකියාවල මුළු පිටවීම් නුපුහුණු (7,662), දේශීය ආධාර (6,939) ක් සහ පුහුණු (6,582) කාණ්ඩවලින් සමන්විතයි.

ජනවාරි මාසයේදී, විදෙස් සේවක ප්‍රේෂණ 2022 වසරේ ජනවාරි මාසයේ ඩොලර් මිලියන 259 ට සාපේක්ෂව ඩොලර් මිලියන 437 දක්වා වැඩි වී තිබෙනවා.

මෙම වසරේ ජනවාරි මාසය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 24,236ක් ලෙසයි සටහන් වී ඇත්තේ. ඒ අතර
නුපුහුණු (7,556), පුහුණු (7,283) සහ ගෘහාශ්‍රිත ආධාර (6,120) ක් වනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ දී සංචාරකයන් 102,545ක් පැමිණ තිබෙනවා.

2022 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සංචාරක පැමිණීම් 96,507 ට සාපේක්ෂව 2023 පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් 107,639ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් 2023 පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් වාර්තා වී තිබෙනවා.

2023 පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි සඳහන්.

පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 162ක් වන අතර පෙර වසරේ පෙබරවාරි මාසයේ එය සටහන් වුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 169ක් ලෙසටයි.

2023 ජනවාරි මාසයේදී සංචාරක පැමිණීම් 102,545 දක්වා වර්ධනයක් පෙන්නුම් කළ අතර, 2022 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇත්තේ සංචාරකයින් 91,961ක් පමණයි.

2022 ජනවාරි මාසයේ පැමිණ ඇත්තේ සංචාරකයන් 82,327ක් පමණයි.

රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව මෙම වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන පැමිණි ප්‍රධාන රටවල් ලෙසට සැලකෙනවා.

2023 ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් USD මිලියන 162ක් ලෙසට ඇස්තමේන්තු කර ඇති අතර, එය පෙර දෙසැම්බර් මාසයේ වාර්තා වී තිබුණේ USD මිලියන 127ක් ලෙසටයි. එමෙන්ම 2022 වසරේ ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් USD මිලියන 152ක් වූ බවයි මහ බැංකුව කියාසිටියේ.

තවද, වෙළඳ භාණ්ඩ වෙළඳ ගිණුමේ හිඟය 2022 පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 780 සිට 2023 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 39 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32