සාරා ජස්මින් මියගිය බවට දක්වන වාර්තා ගැන වහා සොයා බැලිය යුතුයි – සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක

පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්නා බවට විශ්වාස කරන ප්‍රධාන සාක්ෂිකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා ජස්මින්’ මියගොස් ඇතිබවට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි ජෛව සම්පල වාර්තාව වාර්තාවක් නිකුත් කිරීම සමාජය ගැබුරින් ප්‍රශ්ණ කලයුතු බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක පවසනවා.

ඔහු මතුකර සිටින්නේ එකම නිලධාරීන් කණ්ඩායමකගේ අධික්ෂණය මත සිදුවූ සාරා ජස්මින් සම්බන්ද DNA වාර්තා පසුකාලීනව වෙනස් වුයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවයි.

”සාරා ගෙ DNA පරීක්ෂණ කලින් මෙහෙයවපු,ASP සමන් වීරසිංහ කොවිඩ් වලින් කියලා අභිරහස් ලෙස මියගියා මතකද ?” යනුවෙන් ඔහු සියමුහුණු පොත ගිණුමට පොස්ටුවක් එක් කරමින් ප්‍රශ්න කරනවා.

මෙම සමාජ ක්‍රියාකරු ප්‍රශ්න කරන්නේ මීට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි DNA වාර්තාව පමණක් පිළිගැනීමට කියන්නේ ඇයි ද යන්න පිළිබඳව ය නැවත සොයා බැලීමක් කිරීම මෙහි සුළමුල හඳුනා ගැනීමට පහසු වන බවයි.

“මීට ඉස්සෙල්ලා දෙවතාවක් DNA සම්පල පරික්ෂා කරලා තියෙනවා. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ පළවෙනි පාර යි, දෙවැනි පාර යි පරික්ෂණ කළේ කවුද? එම නිලධාරින්මනේ. එතකොට එහෙනම් ඇයි අපි මේ තුන්වැනි එක පිළිගන්නේ? එකයි, දෙකයි කළේ ඒ නිලධාරින්ම නම්, ඒවා අසත්‍යය නම්, අපිට තුන්වැනි එක සත්‍ය යි කියලා පිළිගන්න හේතුවක් නැහැ,” ඔහු පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් “සාරා ජස්මින්” ජිවතුන් අතර සිටිනබවට සාක්ෂි ලබා දී ඇතිබවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

“සහරාන්ගේ බිරිඳ හාදියා ජනාධිපති කොමිසමට සාක්ෂි දීලා තියෙනවා සයින්දමුරුදු ප්‍රහාරයට පස්සේ සිහිය එද්දි සාරාව දැක්ක යි කියන කාරණය,ජනාධිපති කොමිසමේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වෙච්ච අර්ජුන් මහිල්කන්ද පෞද්ගලික ඔත්තුකරුවෙක් හරහා සොයාගන්නවා සාරා ජෙස්මින් අප්‍රේල් 26 නිවසේ සිදුවෙච්ච පිපිරීමෙන් පස්සේ ජීවතුන් අතර හිටියා, කලවංචිකුඩි පොලිසියේ අබුබකර් කියන ට්‍රැෆික් OIC සාරාට ඉන්දියාවට පැනලා යන්න උදව් කළැ යි කියන කාරණාව.” යනුවෙන් ඔහු පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17


?