සාරා ජස්මින් මියගිය බවට දක්වන වාර්තා ගැන වහා සොයා බැලිය යුතුයි – සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක

පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්නා බවට විශ්වාස කරන ප්‍රධාන සාක්ෂිකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා ජස්මින්’ මියගොස් ඇතිබවට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි ජෛව සම්පල වාර්තාව වාර්තාවක් නිකුත් කිරීම සමාජය ගැබුරින් ප්‍රශ්ණ කලයුතු බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක පවසනවා.

ඔහු මතුකර සිටින්නේ එකම නිලධාරීන් කණ්ඩායමකගේ අධික්ෂණය මත සිදුවූ සාරා ජස්මින් සම්බන්ද DNA වාර්තා පසුකාලීනව වෙනස් වුයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවයි.

”සාරා ගෙ DNA පරීක්ෂණ කලින් මෙහෙයවපු,ASP සමන් වීරසිංහ කොවිඩ් වලින් කියලා අභිරහස් ලෙස මියගියා මතකද ?” යනුවෙන් ඔහු සියමුහුණු පොත ගිණුමට පොස්ටුවක් එක් කරමින් ප්‍රශ්න කරනවා.

මෙම සමාජ ක්‍රියාකරු ප්‍රශ්න කරන්නේ මීට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි DNA වාර්තාව පමණක් පිළිගැනීමට කියන්නේ ඇයි ද යන්න පිළිබඳව ය නැවත සොයා බැලීමක් කිරීම මෙහි සුළමුල හඳුනා ගැනීමට පහසු වන බවයි.

“මීට ඉස්සෙල්ලා දෙවතාවක් DNA සම්පල පරික්ෂා කරලා තියෙනවා. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ පළවෙනි පාර යි, දෙවැනි පාර යි පරික්ෂණ කළේ කවුද? එම නිලධාරින්මනේ. එතකොට එහෙනම් ඇයි අපි මේ තුන්වැනි එක පිළිගන්නේ? එකයි, දෙකයි කළේ ඒ නිලධාරින්ම නම්, ඒවා අසත්‍යය නම්, අපිට තුන්වැනි එක සත්‍ය යි කියලා පිළිගන්න හේතුවක් නැහැ,” ඔහු පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් “සාරා ජස්මින්” ජිවතුන් අතර සිටිනබවට සාක්ෂි ලබා දී ඇතිබවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

“සහරාන්ගේ බිරිඳ හාදියා ජනාධිපති කොමිසමට සාක්ෂි දීලා තියෙනවා සයින්දමුරුදු ප්‍රහාරයට පස්සේ සිහිය එද්දි සාරාව දැක්ක යි කියන කාරණය,ජනාධිපති කොමිසමේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වෙච්ච අර්ජුන් මහිල්කන්ද පෞද්ගලික ඔත්තුකරුවෙක් හරහා සොයාගන්නවා සාරා ජෙස්මින් අප්‍රේල් 26 නිවසේ සිදුවෙච්ච පිපිරීමෙන් පස්සේ ජීවතුන් අතර හිටියා, කලවංචිකුඩි පොලිසියේ අබුබකර් කියන ට්‍රැෆික් OIC සාරාට ඉන්දියාවට පැනලා යන්න උදව් කළැ යි කියන කාරණාව.” යනුවෙන් ඔහු පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48