සකර්බර්ග්ගේ අලුත උපන් මල් කැකුළට ලොව නන්දෙසින් ප්‍රතිචාර

ෆේස්බුක් සම නිර්මාතෘ සහ ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් සිය අලුත උපන් දියණියගේ ඡායාරූපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

සකර්බර්ග් සිය තෙවැනි දියණියගේ ඡායාරූපයක් ඉන්ස්ට්‍රගෑම් ඔස්සේ පළකරමින් පවසා ඇත්තේ “ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්” යනුවෙන්.

ඔරේලියා චැං සකර්බර්ග් ලෙස ඇයට නම් තබා ඇති අතර, මෙම ඡායාරූපයට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය යොමුව තිබෙනවා.

මාර්ක් සකර්බර්ග්, ප්‍රිසිලා චැං සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් වැඩිමල් දියණිය 07 හැවිරිදි වියේ සහ අනෙක් දියණිය 05 හැවිරිදි වියේ පසුවනවා.

මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චැං 2012 වසරේ දී විවාහ දිවියට පිවිසියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?