‘පුංචි මහත්තයා කපුමහත්තයා’ගේ ඝාතනයට බිරිඳ සමඟ පෙම්වතා අත්අඩංගුවට (ඡායාරූප)

රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ රුවන්වැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පසුගිය 10 වනදා රුවන්වැල්ල පොලිසිය විසින් සොයා ගත්තා.

එම පුද්ගලයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳවන අතර, අනෙක් පුද්ගලයින් දෙදෙනා විශ්‍රාමික හමුදා සෙබළෙක් සහ ත්‍රිරෝද රථ රියදුරෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර බිරිඳ ඊයේ (18) දහවල් ගොඩකවෙල, ගල්වින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර, ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විශ්‍රාමික හමුදා සෙබළා අද (19) පෙරවරුවේ අවිසසාවේල්ල නගරයේ දී සහ ත්‍රිරෝද රථ රියදුරා වේයන්ගොඩ ප්‍රදේශයේ දීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ගොඩකවෙල, ගල්වින්න ප්‍රදේශයේ පදිංචි ‘පුංචි මහත්තයා කපුමහත්තයා’ නමින් හඳුන්වන තැනැත්තෙක් බවයි වාර්තා වුණේ.

ඔහුගේ 46 හැවිරිදි බිරිඳ සහ වතුපිටිවල, රණවිරු ගම්මානයේ පදිංචිව සිටි සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා අතර පැවති අනියම් සම්බන්ධතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා තම මිතුරෙකු වන ත්‍රිරෝද රියදුරා සමඟ, ත්‍රිරෝද රථයකින් පැමිණ පුංචි මහත්තයා කපුමහත්තයා නමැති පුද්ගලයා පසුගියදා කැඳවාගෙන ගොස් ඇත්තේ වතුපිටිවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආරක්ෂාවක් සිදුකර දෙන ලෙස පවසමින්.

ඒ, සඳහා රුපියල් 60,000ක මුදලක් ද ලබාදෙන බවයි සැකකරු එහිදී පවසා ඇත්තේ.

එලෙස වතුපිටිවල ප්‍රදේශයට යන අතර තුර රුවන්වැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ දී පුංචි මහත්තයා කපුමහත්තයා නමැති පුද්ගලයා සැකරුවන් දෙදෙනා විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති අතර, පසුව ඔහු මාර්ගයේ දමා ගොස් ඇති බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ පිළිබඳව සැකසිතූ රුවන්වැල්ල පොලිසිය එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙක් ඒ පිළිබඳව විමර්ශන සඳහා සිවිල් පුද්ගලයින් ලෙස ගොඩකවෙල, ගල්වින්න ප්‍රදේශයට යවා තිබෙනවා.

විමර්ශන සඳහා එහි ගිය නිලධාරීන්ට ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ වැසිකිළිය තුළට ගොස් ලබාගත් දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර අනුව සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාව ඊයේ (19) රාත්‍රියේ ම රුවන්වැල්ල පොලිසියට රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඇයගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී ඇය අනියම් සම්බන්ධතාව පැවැත් වූ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 52 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පසුව පොලිසිය විසින් සැකකාර කාන්තාව ලවා ඔහුට දුරකථන ඇමතුමක් ලබදෙමින්, මිය ගිය සැමියාගේ මරණ සහතිකය ලබා ගැනීමට අද (19) දිනයේ අවිස්සාවේල්ල රෝහලට පැමිණෙන ලෙසයි දන්වා ඇත්තේ.

කාන්තාවගේ එම දුරකථන ඇමතුමට අනුව අද (19) පෙරවරුවේ අවිස්සාවේල්ල රෝහලට පැමිණි සැකකරු රුවන්වැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඝාතනය පිළිබද තවත් කරුණු රැසක් අනාවරණය වී ඇති අතර,මෙම ඝාතනය සහාය වූ ත්‍රිරෝද රථ රියදුරා සම්බන්ධයෙන් ද සැකකරු අනාවරණය කර ඇති බව සඳහන්.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් එම ත්‍රිරෝද රථ රියදුරුට රුපියල් 2,000ක හිඟ මුදලක් ඝාතනය සිදුකළ දින ත්‍රිරෝද රථයේ ගිය කුලී ගාස්තුව වශයෙන් ලබදීමට ඇති බවයි.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම හිඟ මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ත්‍රිරෝද රථ රියදුරාට ප්‍රධාන සැකකරු ලවා ඇමතුමක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

එම දුරකථන ඇමතුමට අනුව සැකකාර ත්‍රිරෝද රථ රියදුරා අද (19) දහවල් වේයන්ගොඩ නගරයට පැමිණෙන බව දන්වා ඇති අතර, ඔහු රුපියල් 2,000ක හිඟ මුදල ලබා ගැනීමට එලෙස පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා අද (19) දිනයේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00