පුටින්ට වරෙන්තු නිකුත් කිරීමේ තීරණය යුක්‍රේන ජනාධිපතිගේ පැසසුමට

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම, ඓතිහාසික වගවීමකට තුඩු දෙන ඓතිහාසික තීරණයක් බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළ බව විදෙස් මාධ්‍ය ඊයේ රාත්‍රියේ වාර්තා කළා.

පුටින්ට එරෙහිව එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ යුක්‍රේනයෙන් නීතිවිරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද ආපරාධ සම්බන්ධයෙන් චෝදනා කරමින්.

රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය නොදැරීම හේතුවෙන් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කළ නොහැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරණ රටක සංචාරය කරන අවස්ථාවක දී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් සහ බලයක් මෙම වරෙන්තුව පැනවීම මඟින් හිමිවනවා.

එසේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළ හොත් ඔහුව නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් රුසියානු රජය පවසන්නේ තම ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ඔහුව
අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම ඉතාමත් සාහසික පියවරක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01