spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුටින්ට වරෙන්තු නිකුත් කිරීමේ තීරණය යුක්‍රේන ජනාධිපතිගේ පැසසුමට

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම, ඓතිහාසික වගවීමකට තුඩු දෙන ඓතිහාසික තීරණයක් බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළ බව විදෙස් මාධ්‍ය ඊයේ රාත්‍රියේ වාර්තා කළා.

පුටින්ට එරෙහිව එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ යුක්‍රේනයෙන් නීතිවිරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද ආපරාධ සම්බන්ධයෙන් චෝදනා කරමින්.

රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය නොදැරීම හේතුවෙන් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කළ නොහැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරණ රටක සංචාරය කරන අවස්ථාවක දී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් සහ බලයක් මෙම වරෙන්තුව පැනවීම මඟින් හිමිවනවා.

එසේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළ හොත් ඔහුව නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් රුසියානු රජය පවසන්නේ තම ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ඔහුව
අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම ඉතාමත් සාහසික පියවරක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?