වේල්ලවීදියේ මරා දැමු තරුණියගේ සොහොයුරා කිවු දුක හිතෙන කතාව

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිවයුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත. මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.

“අපි අද කොළඹ එනවා මේ ඇඳුම් බෑගය හා එහි තියෙන තොරතුරු නංගිගේමද කියලා තහවුරු කර ගන්න..”

වේල්ලවිදියේ  ගමන් මල්ලක් තුළ තිබී සොයා ගත් හිස සුන් මළසිරුරේ හිමිකරිනියගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය දේශපලඥයෙකු වන ප්‍රභාත් ජයවර්ධන සිය නැගණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අදහස් පල කළා.  සිය එකම නැගණිය පසුගිය 28 වැනි දින ශ්‍රී පාදේ යන බව පවසා නිවසින් පිට වූ බවත් ඒ මොහොතේ තමාත් සිය මවත් නිවසේ නොසිටි බවත් ඔහු පවසනවා. ඒ ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“යන අතරතුර  අම්බලම් කිහිපයක තීන්ත ගාන්න තියෙන බව නංගි කිව්වා, ඊට අමතරව දන්සැල් දෙන්න සුදානමකුත් තිබුණා කියලා කිව්වේ, 28 හවස මම නංගිට කතා කරද්දී ඉන්නේ එරත්න ප්‍රදේශයේ කියලත් කිව්වා…”

සිය නැගණිය පිළිබද තොරතුරු විමසා හංවැල්ල පොලිසියෙන් මාර්තු 02 වැනි දින දුරකථන ඇමතුමක් ලැබුණු බවත් එහිදී ඇය පිළිබඳ තොරතුරු විමසා සිටි බවත් ප්‍රභාත් ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

“නංගිගේ බෑග් එක හංවැල්ල පොලිසියෙන් හොයාගෙන තිබුනා. එකේ 2017 යොවුන් සේනාංක කඳවුරකට සහභාගී වීම සඳහා සැකසු හැඳුනුම්පතක තිබුණු තොරතුරු හරහායි කුරුවිට පොලිසියෙන් මගේ තොරතුරු හොයාගෙන තියෙන්නේ. අපි අද කොළඹ වේල්ලවිදිය පොලිසියට එනවා මේ ඇඳුම් බෑගය හා එහි තියෙන තොරතුරු නංගිගේමද කියලා තහවුරු කර ගන්න. එයා ඉපදුණේ 1991 අවුරුද්දේ. තවම අවුරුදු 30වත් නැහැ…”

වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය තරුණියගේ සොයුරා සඳහන් කළේ මෙම ප්‍රේම සම්බන්ධතාවය මුහුණු පොත හරහා ගොඩ නගා ගන්නට ඇතැයි තමන් සැක කරන බවයි. 

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17