“නදී” පොලිස් අත්අඩංගුවට

කටුනායක, මීගමුව සහ කටාන යන පොලිස් බල ප්‍රදේශ බිය වද්දමින් සොරකම් සහ මංකොල්ලකෑම් සිදුකරමින් වරෙන්තු ලබා සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසකට ඊයේ (16) රාත්‍රියේ හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නදීෂාන් පීරිස් හෙවත් “නදී” නැමැත්තෙකු බවයි වාර්තා වන්නේ.

42 හැවිරිදි මෙම පුද්ගලයා සිය අනියම් බිරිඳගේ නිවසෙහි රැදී සිටින බවට ලද තොරතුරක් මත එම නිවස වටලා, මොහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සැකකරුට එරෙහිව මංකොල්ලකෑම්, ගෙවල් බිදුම් සහ සොරකම් කිරීම්වලට අදාළව මීගමුව සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මඟින් නිකුත් කළ වරෙන්තු 05ක් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න - දයාසිරි අනතුරු අඟවයි
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37
Video thumbnail
මේ ආණ්ඩුව දූ#ණය, ඊට වඩා ලොකු දූ#ණයකින් යටගහනවා
04:48
Video thumbnail
අපි යන්නම් තමිල්නාඩුවට - අර්චුනා යකා නටයි
04:13
Video thumbnail
විජේ තමයි අපේ අවසන් බලාපොරෝත්තු
00:48
Video thumbnail
කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරන් ගිහින්..පික්පොකට් න්‍යාය දියුණු වෙලා..හැකර් න්‍යාය ඇවිත්
03:28
Video thumbnail
කච්චතිව් දූපත ගැන නාමල්ගෙන් සැර කතාවක්..ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්ට තීන්දු ගන්න බෑ
01:57
Video thumbnail
ඇමතිට කොන්දක් නැද්ද.. හේෂා කට උත්තර නැතිවෙන්නම දෙයි
06:57
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
අනුර සහ තලපති විජේ දෙන්නාම එකයි, ඒත්..
00:56