මඩ පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට

වගා කන්න 03කට පසු පළමු වරට මෙරට වී ගොවීන්ගේ වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අලුයම කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාව මඟින් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙනුයි මෙම මඩ පොහොර ලබා දී ඇත්තේ.

2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කන්න 03කට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන එකම වගා කන්නය මෙම යල කන්නය යි.

ඒ අනුව TSP පොහොර (මඩ පොහොර ), යූරියා සහ MOP (බණ්ඩි පොහොර) යන රසායනික පොහොර වර්ග 03ම ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම TSP පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන ඉරිදා (19) පස්වරු 01ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදු කෙරෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ USAID ආයතනයේ නියෝජිතයින් ද සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26