මියගිය ඇත් පැටවෙකුගේ සිරුරක් රක්ෂිතයකින් හමුවෙයි (ඡායාරූප)

තඹුත්තේගම සඳසිරිගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුල තිබී වෙඩි වැදී මියගිය බවට සැක කෙරෙන ඇතෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ක් 9ක් අතර වයසක පසුවන උස අඩි 7ක් පමණ වන ඇතෙක්.

මෙම සත්වයාගේ දළ යුගළය අඩි 2යි අගල් 2ක් පමණ දිගට වැඩී තිබෙනවා.

රෝගී වී අසාධ්‍ය තත්වයේ සිටින ඇත් පැටවෙකු සිටින බවට ඔරුගලයාය ගම්වාසීන් කළ දැනුම්දීමක් මත තඹුත්තේගම වනජීවී කාර්යාල නිලධාරින් පෙරේදා පස්වරුවේ එම සත්වයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත් ඇත් පැටවා සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර ඊයේ පස්වරුවේ රක්ෂිතයේ තිබී මෙම සිරුර සොයාගෙන තිබෙනවා.

ඇත් පැටවාගේ පාදයක වෙඩි ප්‍රහාරයකින් සිදුවූ තුවාලයක් ඇති අතර එම තුවාලය හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් විශ්වාසය පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30