අද සවස දුම්රිය කිහිපයක් ධාවනයට එක්වෙයි

අද සවස කාර්යාල දුම්රිය පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4ක් ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 3ක් ද පුත්තලම් මාර්ගයේ දුම්රිය 2ක් සහ කැලණිවැලි මාර්ගයේ එක් දුම්රියක් ද වශයෙන් ධාවනය කරන බවයි.

දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මකව පවතින බැවින් ඇතැම් දුම්රිය ගමන් වාර සංශෝධනය වීමට හෝ අවලංගු වීමට හෝ අමතර දුම්රිය ගමන්වාර ඇතුළත් වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද සවස ධාවනය වන දුම්රියන් සහ වේලාවන් පහතින්…

ප්‍රධාන සහ උතුරු මාර්ගයේ

අංක 1168 ප.ව. 04.25 – කොළඹ කොටුව – රඹුක්කන (මන්දගාමී)
අංක 1037 ප.ව. 05.10 – කොළඹ කොටුව – මහනුවර
(ශීඝ්‍රගාමී – මරදාන, දෙමටගොඩ, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල එතැන් සිට මහනුවර දක්වා මන්දගාමී)
අංක 4469 ප.ව. 04.40 – කොළඹ කොටුව – ගනේවත්ත (මන්දගාමී)
අංක 4470 ප.ව. 06.00 – කොළඹ කොටුව – මහව (මන්දගාමී)

මුහුදුබඩ දුම්රිය මාර්ගය

අංක 8758 ප.ව. 04.45 – මරදාන – අළුත්ගම (මන්දගාමී)
අංක 8096 ප.ව. 05.00 – මරදාන – බෙලිඅත්ත (සාගරිකා ශීඝ්‍රගාමී – මරදාන සිට මොරටුව දක්වා මන්දගාමී එතැන් සිට එගොඩ උයන, පානදුර, වාද්දුව, උතුරු කළුතර, දකුණු කළුතර, දකුණු පයාගල, බේරුවල, අලුත්ගම, ඉඳුරුව, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, අම්බලන්ගොඩ, කහව, හික්කඩුව, දොඩන්දූව, බූස්ස, ගිංතොට, ගාල්ල, තල්පේ, හබරාදුව, අහන්ගම, වැලිගම, කඹුරුගමුව, මාතර, වෙහෙරහේන, එතැන් සිට බෙලිඅත්ත දක්වා (මන්දගාමී)
අංක 8764 ප.ව. 05.25 – මරදාන – ගාල්ල (මන්දගාමී)

පුත්තලම මාර්ගය

අංක 3422 ප.ව. 04.30 – කොළඹ කොටුව – හලාවත (මන්දගාමී)
අංක 3427 ප.ව. 05.30 – කොළඹ කොටුව – හලාවත (මන්දගාමී)

කැලණිවැලි මාර්ගය

අංක 9264 ප.ව. 05.00 – කොළඹ කොටුව – අව්ස්සාවේල්ල (මන්දගාමී)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03