spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සවස දුම්රිය කිහිපයක් ධාවනයට එක්වෙයි

අද සවස කාර්යාල දුම්රිය පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4ක් ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 3ක් ද පුත්තලම් මාර්ගයේ දුම්රිය 2ක් සහ කැලණිවැලි මාර්ගයේ එක් දුම්රියක් ද වශයෙන් ධාවනය කරන බවයි.

දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මකව පවතින බැවින් ඇතැම් දුම්රිය ගමන් වාර සංශෝධනය වීමට හෝ අවලංගු වීමට හෝ අමතර දුම්රිය ගමන්වාර ඇතුළත් වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද සවස ධාවනය වන දුම්රියන් සහ වේලාවන් පහතින්…

ප්‍රධාන සහ උතුරු මාර්ගයේ

අංක 1168 ප.ව. 04.25 – කොළඹ කොටුව – රඹුක්කන (මන්දගාමී)
අංක 1037 ප.ව. 05.10 – කොළඹ කොටුව – මහනුවර
(ශීඝ්‍රගාමී – මරදාන, දෙමටගොඩ, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, අඹේපුස්ස, අලව්ව, පොල්ගහවෙල එතැන් සිට මහනුවර දක්වා මන්දගාමී)
අංක 4469 ප.ව. 04.40 – කොළඹ කොටුව – ගනේවත්ත (මන්දගාමී)
අංක 4470 ප.ව. 06.00 – කොළඹ කොටුව – මහව (මන්දගාමී)

මුහුදුබඩ දුම්රිය මාර්ගය

අංක 8758 ප.ව. 04.45 – මරදාන – අළුත්ගම (මන්දගාමී)
අංක 8096 ප.ව. 05.00 – මරදාන – බෙලිඅත්ත (සාගරිකා ශීඝ්‍රගාමී – මරදාන සිට මොරටුව දක්වා මන්දගාමී එතැන් සිට එගොඩ උයන, පානදුර, වාද්දුව, උතුරු කළුතර, දකුණු කළුතර, දකුණු පයාගල, බේරුවල, අලුත්ගම, ඉඳුරුව, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, අම්බලන්ගොඩ, කහව, හික්කඩුව, දොඩන්දූව, බූස්ස, ගිංතොට, ගාල්ල, තල්පේ, හබරාදුව, අහන්ගම, වැලිගම, කඹුරුගමුව, මාතර, වෙහෙරහේන, එතැන් සිට බෙලිඅත්ත දක්වා (මන්දගාමී)
අංක 8764 ප.ව. 05.25 – මරදාන – ගාල්ල (මන්දගාමී)

පුත්තලම මාර්ගය

අංක 3422 ප.ව. 04.30 – කොළඹ කොටුව – හලාවත (මන්දගාමී)
අංක 3427 ප.ව. 05.30 – කොළඹ කොටුව – හලාවත (මන්දගාමී)

කැලණිවැලි මාර්ගය

අංක 9264 ප.ව. 05.00 – කොළඹ කොටුව – අව්ස්සාවේල්ල (මන්දගාමී)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?