බැංගලෝරයේ දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ කාන්තා මළ සිරුරක්

බැංගලෝර් හි දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (13) දින බැංගලෝර් හි බයියප්පනහල්ලි දුම්රිය ස්ථානයේ පිවිසුම් දොරටුවක් අසල තිබී මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මේ වසරේ දී බැංගලෝර් දුම්රිය ස්ථානයක තිබී මළ සිරුරක් හමුවීමේ දෙවැනි සිදුවීම මෙය බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඊයේ දින සොයාගත් මළ සිරුර වයස අවුරුදු 31 ත් 35 ත් අතර වයසේ පසුවන තැනැත්තියකගේ බවට විශ්වාස කෙරෙන අතර, එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

පුද්ගලයන් තිදෙනෙකු විසින් මළ සිරුර බහාලූ ප්ලාස්ටික් බැරලය ඔටෝරික්ෂෝවකින් ප්‍රවාහනය කර සඳුදා දුම්රිය ස්ථානයේ දොරටුව අසලට තබායන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති බවයි මේ සම්බන්යෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26