බැංගලෝරයේ දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ කාන්තා මළ සිරුරක්

බැංගලෝර් හි දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (13) දින බැංගලෝර් හි බයියප්පනහල්ලි දුම්රිය ස්ථානයේ පිවිසුම් දොරටුවක් අසල තිබී මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මේ වසරේ දී බැංගලෝර් දුම්රිය ස්ථානයක තිබී මළ සිරුරක් හමුවීමේ දෙවැනි සිදුවීම මෙය බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඊයේ දින සොයාගත් මළ සිරුර වයස අවුරුදු 31 ත් 35 ත් අතර වයසේ පසුවන තැනැත්තියකගේ බවට විශ්වාස කෙරෙන අතර, එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

පුද්ගලයන් තිදෙනෙකු විසින් මළ සිරුර බහාලූ ප්ලාස්ටික් බැරලය ඔටෝරික්ෂෝවකින් ප්‍රවාහනය කර සඳුදා දුම්රිය ස්ථානයේ දොරටුව අසලට තබායන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති බවයි මේ සම්බන්යෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?