තායිලන්තයේ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළට

තායිලන්තය තුළ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ හමුවේ ශ්වසන අපහසුතා ඇතුළු විවිධ රෝගාබාධ හේතුවෙන් ගතවූ සතියේදී පමණක් පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයින් මිලියනයක් පමණ විවිධ රෝගාබාධ සඳහා ගොදුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිලියන 11ක පමණ ජනගහනයක් සිටින එමෙන්ම ලොව ප්‍රමුඛ සංචාරක පුරවරයක් වන තායිලන්තයේ බැංකොක් අගනුවර අහස කහ සහ අළු පැහැ දුමාරයකින් වැසී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රථවාහනවලින් පිටවන දුමාරය, කාබන් විමෝචනය හා වගා කටයුතු සඳහා භූමිය ගිනිතැබීම තායිනලන්තය තුළ සිදුව ඇති වායු දූෂණයට ප්‍රධාන හේතුව බවයි වාර්තා වන්නේ.

බැංකොක් නුවර වෙසෙන ජනතාවට සිය නිවෙස්වලින් බැහැරට පැමිණෙන්නේ නම් අනුගමනය කිරීම සඳහා වෛද්‍යවරුන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිවෙස්වලින් බැහැරට පැමිණෙන විට ඉතා හොඳ තත්ත්වයෙන් යුත් මුව ආවරණයක් පළඳින ලෙසයි වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කර ඇත්තේ.

එමෙන්ම ගර්භණී මව්වරුන් හා කුඩා දරුවන් හැකි තාක් නිවෙස් තුළට වී කාලය ගත කිරීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

වසරේ මේ කාලයේ තායිලන්ත ගොවීන් බෝගවල අස්වනු නෙළා ගැනීමෙන් පසු පිදුරු පුළුස්සා දැමීම හේතුවෙන් කෘෂිකාර්මික කලාපයක පිහිටි නගරයක් වන චියැං මායි හි තත්වය වඩාත් නරක අතට හැරී ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52