දරුවන් තිදෙනාට වස දී පියාත් අරක්කු සමඟ වස පානය කරලා

පියෙකු විසින් සිය දරු තිදෙනාට වස පොවා ඔහු ද වස පානය කළ පුවතක් ගම්පොළ, දැල්පිටිය, සෙවනක් ජනපදය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වස පානය කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසු වූ ඔවුන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 04ක් වූ පිරිමි දරුවෙක්, අවුරුදු 13ක, අවුරුදු 07ක ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ 40 හැවිරිදි ඔවුන්ගේ පියා බවයි වාර්තා වුණේ.

මෙම පවුලේ සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට ආරවුලක් තිබී ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් බිරිඳ නිවසින් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ හේතුවෙන් පියා සහ දරුවන් තිදෙනා තනිව නිවසේ ජීවත්ව ඇති බවයි ගම්පොල පොලිසිය සඳහන් කළේ.

ඊයේ (07) රාත්‍රී 10.00 ට පමණ නිවසට පැමිණ ඇති පියා දරුවන්ට නොදැනෙන සේ පැණිබීම බෝතලයකට වස දමා දරුවන් තිදෙනාට එය බීමට සලස්වා ඇති බවටයි හෙළිව ඇත්තේ.

පසුව ඔහු ද නිවසේ කාමරයක ගොස් අරක්කු සමඟ වස පානය කර ඇති බවට හෙළිව තිබෙනවා.

අනතුරුව රාත්‍රී කාලයේ දී පියා, බාල සහෝදරිය සහ සහෝදරයා වමනය කිරීමට පටන් ගැනීමත් සමඟ 13 හැවිරිදි වැඩිමහල් දියණිය ඔවුන්ගේ නිවස අසළ පදිංචිව සිටි ඥාතියෙකුට මේ පිළිබඳව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව ඔවුන් සියලු දෙනා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වස පානය කිරීමට පෙර සැමියා විසින් සිය බිරිඳගේ සහ දරුවන්ගේ ඡායාරූප ඇඳ මත තබාගෙන බලමින් සිට ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03