අධිකරණ නියෝගය අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමති කියයි (වීඩියෝ)

පළාත් පාලන මැතිවරණයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයට ගරු කර රජය ඒ අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණ නියෝගයට ගරු කිරීමට මුදල් අමාත්‍යංශය රජය හෝ පෞද්ගලික ආයතනයක් වුව ද සියලුදෙනා කටයුතු කළ යුතු බවයි.

අධිකරණ තීන්දුව පැහැදිලි කරගෙන කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද ඔහු පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යංශය ද අනුව ඒ අනුව කටයුතු කර අතර එහි කිසිදු ගැටලුවක් නොදකින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීමට සියලුදෙනා බැඳී සිටින විශේෂ වගකීමක් වන අතර අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කිරීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ තහනම් නියෝගයක් නිකුත් කළා.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ නව දිනය එළඹෙන මාර්තු 09 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බවයි ඊයේ රැස් වූ මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 7 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශ්ව කැඳවීමට නියමිත බවයි.

https://www.youtube.com/watch?v=E0QbecQ-PVs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43