spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණ නියෝගය අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමති කියයි (වීඩියෝ)

පළාත් පාලන මැතිවරණයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයට ගරු කර රජය ඒ අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණ නියෝගයට ගරු කිරීමට මුදල් අමාත්‍යංශය රජය හෝ පෞද්ගලික ආයතනයක් වුව ද සියලුදෙනා කටයුතු කළ යුතු බවයි.

අධිකරණ තීන්දුව පැහැදිලි කරගෙන කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද ඔහු පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යංශය ද අනුව ඒ අනුව කටයුතු කර අතර එහි කිසිදු ගැටලුවක් නොදකින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීමට සියලුදෙනා බැඳී සිටින විශේෂ වගකීමක් වන අතර අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කිරීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ තහනම් නියෝගයක් නිකුත් කළා.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ නව දිනය එළඹෙන මාර්තු 09 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බවයි ඊයේ රැස් වූ මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 7 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශ්ව කැඳවීමට නියමිත බවයි.

https://www.youtube.com/watch?v=E0QbecQ-PVs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?