මිනිස් ජාවාරමට වැට බඳින්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නව වැඩසටහනක්

විදෙස් රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ආරම්භකර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ආරක්ෂා කිරීමේ සහ මිනිස් වෙළෙදාම වැළක්වීමේ උපක්‍රමයක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

ඒ, අනුව පුද්ගලයන්ගේ ශරීර අංග ලක්ෂණ නවීණ තාක්ෂණය හරහා දත්ත පද්ධතියක ගබඩා කරන බවත් ඇස්, ඇඟිලි සලකුණු සහ වෙනත් ශරීර ලක්ෂණ ලබාගන්නා බවත් එම කාර්යංශය සඳහන් කළා.

මේ අතර මිනිස් ජාවාරම වැළක්වීම සදඟා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශ නීති දැඩි කරමින් කාර්යාංශ පනතට නව සංශෝධන යෝජනා කිරීමට ද කටයුතු කරමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඒ, සඳහා පුද්ගලයින් වෙළදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ගැනීම ආරම්භ කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16