ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඥාතීන් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටිනවා.
ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මහත්මියගේ අභාවය ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට දන්වා ඇත්තේ.
විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කාන්තාව අද (01) ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි.
ජයසූරියගේ ප්‍රියන්තිකා නිලකාන්ති මහත්මියගේ පහත තොරතුරු අමාත්‍යාංශය විසින් හෙළි කර තිබෙනවා.
ජාතික හැඳුනුම්පත් අංකය – 797631574v
විදේශ ගමන් බලපත්‍ර අංකය – N5758240
ලිපින – 117, යාය 06, වරාවැව, හලාවත සහ 247/3, හබරකඩ, හෝමාගම.
මියගිය අයගේ ඥාතීන් පිළිබඳ තොරතුරු දන්නා අයගෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සහය ලබාගැනීම වෙනුවෙන් ක්ෂණික දුරකථන අංක 011238836 / 0117711163 / 0112323015 හරහා හෝ [email protected] යන විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබාදෙන ලෙසටයි.