විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කිරීම වැළැක්වූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මේ මස 09 වනදා දක්වා තව දුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

අදාළ බදු අය කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සම් පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර විනිසුරු සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය ප්‍රකාරව මෙවැනි පූර්ණ විනිසුරු මඩුල්ලක් නියම කිරීමට අභියාචනාධිකරණයට හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාල බද්ද අය කිරීම වළක්වාලමින් දැනටමත් නිකුත් කර තිබෙන තහනම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

පූර්ණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම නඩුව මාර්තු මස 9 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඊට අමතරව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කිරීම වළක්වාලමින් දැනටමත් නිකුත් කර තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවත් එම නියෝගයේ වැඩි දුරටත් සඳහන්.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන කණ්ඩායමක් බවයි.

එබැවින් තමන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විෂය පථයට ඇතුලත් නොවන බව පෙන්වා දෙන විනිසුරු සංගම්, තමන්ගෙන් බදු අය කිරීම නීතිවිරෝධී බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39