මාලිමාවේ නිවිතිගල අපේක්ෂකයාගේ මරණය ඝාතනයක් – අනුර කුමාර

ජාතික ජනබල වේගයේ විරෝධතාව අතර තුර මිය ගිය එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි වෙනුවෙන් සිදුකළ හැකි උපරිම දේ සිදුකිරීමට සූදානම් බව අනුර කුමාර දිසානායක පවසනවා.

අද (28) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මුණගැසීමට එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉරිදිපත් කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ නිමල් අමරසිරිගේ මරණය ඝාතනයක් බවයි.

ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය කරමින් මෙය ආණ්ඩුව විසින් සිදුකළ මිනිස් ඝාතනයක් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20