AFC Banner
Empty Ad
Empty Ad

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියකට වැසේ

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඊයේ රාත්‍රී ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨය මෙලෙස වසා දැමීමට පියවර ගත් බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසුවා.

ඒ අනුව අද පස්වරු 2 ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙසට සිසුන්ට දන්වා ඇති බවද ඔහු පැවසුවා.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ ඇතිවූ ඝෝෂාකාරී ශබ්දයක් ගැන සොයාබැලීම සඳහා පාලකවරයා එහි ගිය අවස්ථාවේදී සිසුන් පිරිසක් පෙරලා පැමිණ ඔහුගේ බිරිඳ සහ මවට පහර දී ඇති බව පැවසෙනවා.

ඔවුන් මේ වනවිට රෝහල් ප්‍රතිකාර ලබන බවත් සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?