මිතුරෙකු සමඟ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට (ඡායාරූප)

මිතුරෙකු සමඟ නානුඔය – ඩෙස්පොඩ් ඇලේ දිය නෑමට ගිය තරුණයෙකු එහි ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව නානුඔය පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය – ඩෙස්පොඩ් වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි මෙම තරුණයා සිය නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ මිතුරෙකු සමඟ ඊයේ (26) පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියේ ගිලීමෙන් අතුරුදන් වූ තරුණයා සොයා එම වතුයායේ කම්කරුවන් දැඩි උත්සාහයක නිරත වුවත් එය සාර්ථක වී නැහැ.

පසුව නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරින් විසින් තරුණයාගේ සිරුර එම ඇලේ අඩි 10 පමණ ගැඹුරෙහි තිබී ගොඩගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49