මැතිවරණය ගැන හිටපු ජනපති මහින්ද කතා කරයි (වීඩියෝ)

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රජයේ සහ ජනාධිපතිවරයාගේ යුතුකමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මුදල් නොමැති නම් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

තම පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයට සූදානම් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

තමාගේ රජය මැතිවරණ කල් දැමීමට කටයුතු නොකළේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් පැවතීම හේතුවෙන් වන අතර වත්මන් රජයට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හමුවේ මැතිවරණ කල් දමන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මැතිවරණයක් පැවැත්වුව හොත් එහි ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයාට මෙන්ම රජයට ඇති කැමැත්ත තේරුම් ගැනීමට හැකිවනු ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මෙහිදී මාධ්‍යවීදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ ඔහු අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්නයි.

අගමැතිවරයෙකු ධුරයේ කටයුතු කරන බැවින් එවැනි අවශ්‍යතාවක් පැන නොනගින බවයි ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ.

තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු බැසිල් රාජපක්ෂ ඇතුලු නියෝජිතයන් විසින් සංවිධාන කරනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ සඳහන් කළා.

https://www.youtube.com/watch?v=BBhJKWokz90
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32